“සජිත් රට්ටු හිනස්සන කතා කියන්න එපා…! ගොං කතා කියල ආණ්ඩු බලය ගන්න බෑ …!” – පාඨලීිගේ 43 වන සේනාංකයෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක්…

March 2, 2021 at 8:16 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වරදිකරුවන් වන අයට තම ආණ්ඩුවක් යටතේ මරණ දඬුවම ලබා දෙන බවට සමාජය හිනා ගස්සන ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස සිදුකර ඇතැයි නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

ලංකාවේ කිසි දිනක මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුව ෆේල් වුව ද විපක්ෂය අතාර්කික නම් ජනතාව එවැනි විපක්ෂයක් රට පාලනය සඳහා තෝරා නොගන්නා බව ද ඔහු පවසයි.

පවතින ක්‍රමය වෙනස් කරන බව කියමින් බලයට පැමිණි ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට ඒ සඳහා දාර්ශනික මනසක් නොමැති බව ද ලක්තිලක පෙන්වා දෙයි.

එම වැරැද්ද නැවත නැවත විපක්ෂය නොකළ යුතු බවත් 2015-2019 ආණ්ඩුව තමන්ට මොළයක් නැතැයි කියා පෙන්වූ නිසා ජනතාව විසින් ගෙදර යැවූ බව ද ඔහු සඳහන් කළේ ය.

වෙබ් අඩවියක් වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ. ශිරාල් ලක්තිලක මේ වන විට පාඨලී චම්පික රණවක මූලික වී ගොඩනැඟූ 43 වන සේනාංකයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරයි.

නැවත කිසි දිනක පොදු අපේක්ෂකයින්ට ඉඩ නොමැති බවත් ආණ්ඩුවට අභියෝග කළ හැකි එක ම නායකයා තමා බවත් සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පසුබිමක ශිරාල් ලක්තිලක මෙම විවේචනය එල්ල කිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *