ජනපති ඝාතනයට එන ස්නයිපර්කරුගේ බලාපොරොත්තු ඉටුවේවා!

June 26, 2023 at 6:46 pm | by emanisa.lk

ජනාධිපති ඝාතනයට සැරසෙන ස්නයිපර්කරුවාට කිසිදු කරදරයක් නොවේවායි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති තැන්නේ ඤාණානන්ද හිමි පවසයි.

එසේ ම එම ස්නයිපර්කරුගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා එහිමි ප්‍රාර්ථනා කරයි.

සමාජමාධ්‍ය ඔස්සේ පළ වූ පුවතකට ප්‍රතිචාර දක්වමින් ඤාණානන්ද හිමි මෙලෙස පවසා තිබේ.

කාරිමඩිත්තේ ඤාණාරාම හිමි ඊට ප්‍රතිචාරයක් ලෙස එසේ ම වේවායි ප්‍රාර්ථනා කර තිබේ.

මෙම භික්ෂූන් දෙනම ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ බව මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස