හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව ඉටු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්ත්වය හා අද ඇති වී තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ දිස්ත්‍රික් ආසන බලමණ්ඩලය අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.