77 අපේ ගෙදරට ගහපු ජේවීපීකාරයෝ මැරුණේ කුණු පණුවෝ ගහලා…! අමරකීර්ති මරපු අයට මරණ දඬුවම දෙන්න ඕන..! – ප්‍රසන්න රණතුංග….

May 22, 2022 at 1:52 pm | by emanisa.lk

පසුගිය යුද්ධ කාලයේ එවක එජාපයේ කරූ ජයසූරිය තවත් 13 දෙනෙකු සමග ආණ්ඩුවට එකතු වී ත්‍රස්තවාදය පරාජය කිරීමට ශක්තිය ලබා දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එය ආදර්ශයට ගෙන මේ අවස්ථාවේ විපක්ෂයෙන් පිරිසක් පැමිණ ආර්ථික යුද්ධය ජය ගැනීමට ශක්තියක් විය යුතු යැයි ඇමැතිවරයා අවධාරණය කරයි.

පසුගිය 09 වෙනිදා ගෝඨාගෝගමට පහර දීම නිසා ගෙවල් ගිනි තබා මිනිස් ඝාතන සිදුකළ බව පිළිගත නොහැකි බවත් පසුගිය අප්‍රේල් 30 වෙනිදා සිට ම ජනාධිපතිවරයාගේ නිවසට පහර දීමට ගිය අවස්ථාවේ සිට ම විවිධ මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට ප්‍රහාර එල්ල වූ බව ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.

එහි දී ඝාතනය කළ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාට යුක්තිය ඉටු කිරීම සඳහා පාකිස්ථානයේ ප්‍රියන්ත කුමාර ඝාතනය කළ අයට මෙන් ම මරණ දඬුවම ලබා දිය යුතු බව හෙතෙම සඳහන් කරයි.

තමා දෙවරක් ලක්ෂ තුනකට වඩා ඡන්ද ලබා පාර්ලිමේන්තුවට පැමිණි බවත් දෙවරක් බස්නාහිර මහ ඇමැති ධූරයට පත් වූ බවත් ප්‍රකාශ කරන ප්‍රසන්න රණතුංග, තමන් හොරෙකු නම් මෙලෙස ජනතා ඡන්දය නොලැබෙනු ඇතැයි ද පෙන්වා දුන්නේ ය.

1977 තමා දස හැවිරිදි දරුවෙකු සමයේ ද ජනතා විමුක්ති පෙරමුණ සිය නිවසට පහර දුන් බවත් එදා එම ප්‍රහාරයට පැමිණි පිරිස මරණයට පත්වූයේ කුණු පණුවන් ගසා බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පසුගියදා (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *