මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං සමාගම විසින් ෆස්ට් කැපිටල් හෝල්ඩිං නම් පෞද්ගලික ව්‍යාපාරයක කොටස් වැඩි මිලට මිල දී ගැනීමට සූදානම් වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා මේ වන විට මහ බැංකුවේ අනුමැතිය සඳහා ද අදාළ ගනුදෙනුය යොමු කර ඇති බවයි.
මේ වන විට ෆස්ට් කැපිල් හෝල්ඩිං සමාගමේ කොටසක මිල රු. 34ක් වුව ද පීපල්ස් ලීසිං සමාගම ඒ සඳහා රු. 37ක ලංසුවක් ඉදිරිපත් කර ඇති බව ද කබීර් හෂීම් සඳහන් කරයි.
මෙම ගනුදෙනුව පිටුපස කිසියම් වංචාවක් ඇතැයි තමන් අනුමාන කරන බව ද පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධානීන් ඒ පිළිබඳ වහා ම රටට හෙළිදරව් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක් පවතින පසුබිමක රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් විය යුතු යැයි පවසන අතර මෙම ගනුදෙනුව සිදුකරන්නේ කුමන අරමුණකින් ද කබීර් හෂීම් ප්‍රශ්න කරයි.