සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ගේ මුදල් ලක්ෂ ගණනක් වංචා කරලා! බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අත්අඩංගුවට ගන්න! – අධිකරණයට ඉල්ලීමක්…

February 13, 2020 at 10:01 pm | by emanisa.lk

ලෝක ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයකු වන කැළුම් වීරසිංහ නමැති අයකුගේ ගිණුමේ පැවති මුදල් අයථා ලෙස භාවිත කරමින් වංචා කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකු කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කෙරිණි.

ඒ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසිනි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සැකපිට සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ හිටපු කළමනාකරු මනෝජ් රොද්‍රිගෝ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව තම සේවදායකයා වන මනෝජ් රොද්‍රිගෝ අත්අඩංගුවට ගත්තේ නම් සම්පත් බැංකු කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට නොගන්නේ මන්දැයි නීතිඥ නුවන් ජයවර්ධන අධිකරණයෙන් ප්‍රශ්න කළේය.

මේ වන විට සම්පත් බැංකු කළමනාකාර අධ්‍යක්ෂ ලෙස නන්ද ප්‍රනාන්දු කටයුතු කරන අතර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මලික් රණසිංහ (සභාපති), නන්ද ප්‍රනාන්දු (කළමනාකාර අධ්‍යක්ෂ), සන්ජිව් සේනානායක, ධාරා විජේතිලක, අනිකා සේනානායක, රනිල් පතිරණ, රුෂන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂී නානායක්කාර, සංජීව වීරවර්ණ, ලසන්ත සේනාරත්න (සමාගම් කළමනාකරු) සහ මුදිතා වල්පොළ (සමාගම් නියෝජ්‍ය ලේකම්) අයත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස