සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙයි! ඉතිහාසයේ වැඩිම කඩා වැටීම වාර්තා කරයි!

March 2, 2019 at 10:16 am | by admin

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ පහළ ගිය වැඩිම ඒකක ගණන ඊයේ (02) දින වාර්තා විය. මේ අනුව අද දිනය තුළ දී S&P SL 20 දර්ශකය ඒකක 110.87 කින් පහළ ගිය අතර එය 2014 ඔක්තෝබර් 13 දින වාර්තා වූ ඒකක 95.47 ක පහළ යාමෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම ලෙසින් සටහන් වේ.

කොටස් වෙළෙඳපොළේ අද දින මෙලෙස විශාල පහළ යාමක් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ සම්පත් බැංකු සමාගමේ කොටස් මිල දැවැන්ත ලෙස පහළ යාමයි. දිනය තුළ දී සම්පත් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක මිල රු. 36.20 කින් පහළ ගිය අතර එහි අවසන් ගනුදෙනු මිල රු. 195.70 ක් ලෙසින් සටහන් විය. මෙර පෙර දිනයට වඩා 15.61% ක කඩා වැටීමකි.

සම්පත් බැංකු තැන්පත්කරුවන්ගේ තැන්පතු රුපියල් කෝටි ගණනක් ඔවුන්ගේ අනුමැතියකින් තොරව ඉහළ නිලධාරීන් විසින් අයථා පරිහරණය කර ඇති බවට පසුගිය සමයේ විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ පිළිබඳ නඩුවක් ද විභාග වන අතර බැංකු නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සම්පත් බැංකු කොටස් මිල පහත වැටීමට හේතු වූයේ එය විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *