මුහුණ බලන කන්නාඩිය ඉදිරිපිටට ගිය විට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මේ බව ප්‍රකාඔ කළේ, පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ දී ඊයේ (13) පැවැති රණවිරු සැමරුමකට එකතු වෙමිනි.
අද වන විට රටේ පාලකයන්ට මෙන්ම බොහෝ ජනතාවටත් රණවිරුවන් අමතක වෙමින් පවතිනවා. යුද්ධයක් තිබුණ ද කියලත් දැන් සමහරු දන්නේ නෑ. සමස්තයක් ලෙස වර්තමාන රජය ඇතුළු කිසිදු රජයක් රණවිරුවන් පිළිබඳව බැලුවේ නෑ.
උතුරු නැගෙනහිර සමහර ඉඩම් තියෙනවා යුද හමුදා අවශ්‍යතාව මත කඳවුරු ස්ථාන ගත කළ. ඒ ලබා ගත් සමහර ඉඩම් නැවත ලබා දීමටත් හැකියාව තිබෙනවා. නමුත් දේශපාලන උවමනාවන් මත එම ඉඩම් නැවත ලබා දීම පිළිගන්න බෑ. උතුරු නැගෙනහිර ඡන්දවලට කෑදර කමේ හමුදාවන් අඩපණ කිරීමේ සහ අස්ථානගත කිරීමේ ප්‍රවණතාවක් දැන් පෙනෙනවා. එවා නිවට බියගුලු වැඩ. ඒවාට අපි විරුද්ධයි.
වර්තමාන පාලන තන්ත්රයම නිවටයි. පිළිකුල් සහගතයි. දුර්වලයි. මේ රටට අවශ්‍ය කැපවීමෙන් වැඩකළ හැකි බුද්ධිමත් නායකයකු අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි බොහෝ දෙනා අසන මුත් එය අහන්න පහසු උවත් පිළිතුරු දීම අපහසු කාරණයක්.
රටේ ජනතාව නිවරැදි නායකත්වයක් තෝරා ගැනීම සදහා කැපකිරීම් කළහොත් ඒ වෙනුවෙන් යෝජනා ආවොත් සලකා බැලීමට හැකියාව තිබෙනවා. කොහොම වුණත් මගේ නිවසේ මුහුණ බලන කන්නාඩිය ඉදිරිපිටට ගියාම අනාගතයේ දී රටට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක්ම මට පෙනෙනවා.
වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලා තරම් දූෂිත නොමැති නිසා මට රනිල් වික්‍රමසිංහට ආචාර කළහැකි වුවත් ඉදිරි ජනාධිපතිවරණයකදී කිසිදු ලෙසකින් ඔහුට සහය පළ කිරීමක් සිදු වන්නේ නෑ ඔහු දක්ෂයෙක් නෙමේ දුර්වලයෙක්.”