මාර්තු 19 වැනිදායි පසු පළාත් පාලන ආයතන ධූර කාලය අවසන් වූ විට ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයකු මෙම ආයතන සම්බන්ධීකරණය සඳහා ඉදිරිපත් කරන ලෙස රජය නිකුත් කළ චක්‍රලේඛය වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් සතුටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එහෙත් ආණ්ඩුකාරවරයාට සම්බන්ධීකරණය වීමට රජයේ සංවර්ධන නිලධාරියකු යොදා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට හෙතෙම චෝදනා කරයි.
මේ සියලු බලතල ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාරව පළාත් පාලන කොමසාරිස්වරු, නාගරික කොමසාරිස්වරු සහ පළාත් පාලන ආයතනවල ලේකම්වරු සිටින බවත් නව පත්කිරීම් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මීට පෙර ඉදිරිපත් කළ චක්‍රලේඛය සේම මෙම නව චක්‍රලේඛනයත් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවත් විවිධ අවස්ථාවල විවිධ චක්‍රලේඛ ඉදිරිපත් නොකර බිය නොවී, නිවට නොවී කශේරුකාව ශක්තිමත් කර ගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මේ සියලු ප්‍රශ්නවලට ජනවරමෙන් පිළිතුරු ලැබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ පසුගියදා (9) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරමිනි.