පුංචි ඡන්දේ ක්‍රම තුනකට කල් දාන්න පුළුවන්…! – හිටපු මැ.කො.

January 15, 2023 at 9:00 am | by emanisa.lk

ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අධිකරණ වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බවයි, මහින්ද දේශප්‍රිය අවධාරණය කළේ.

එසේ ම පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය කිසිදු නෛතිකභාවයක් නොමැති නිකම්ම කඩදාසියක් බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *