පොහොර මිල 78%කින් පහළට…! සහල් ආනයනයත් නවතයි…!

June 11, 2023 at 12:02 pm | by emanisa.lk

වී වගාවේ නිරත වන ගොවි පවුල් 650,000කට සෙත සැලසෙන පරිදි යල කන්නයේ පොහොර මිල 78%කින් අඩු කිරීමට රජය කටයුතු කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව පසුගිය කාලයේ වෙළෙඳපොළේ රුපියල් 42,000ක මිලකට අලෙවි වූ යූරියා කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය ලබන සතිය වන විට රුපියල් 9,000ක මිලකට අඩු වනු ඇත.

පසුගිය සමයේ රජය විසින් ගොවීන්ට ලබා දුන් මෙම සහන මිල හේතුවෙන් පසුගිය කාලයේද විවෘත වෙළෙඳපොළේද පොහොර මිලද රුපියල් 11,000 දක්වා අඩු විය. යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 5 ක් වගා කර වී මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක අස්වැන්නක් අපේක්ෂා කෙරෙන බව ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

2022 වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් ආනයනය කර තිබුණ ද, මේ වන විට විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දේශීය වී ගොවිතැන නඟා සිටුවීමට රජය අවධානය යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *