රනිල් කළේ පාරකට බහින්න බැරිව සිටි රාජපක්ෂලාට ප්‍රාණ වායුව ලබා දීමයි….! – තුෂාර ඉඳුනිල්….

June 8, 2023 at 8:26 am | by emanisa.lk

රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට රටේ ආර්ථිකය කෙසේ වෙතත් තමන්ගේ දේශපාලනය යහමින් කළමනාකරණය කරමින් සිටින බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

ඒ, ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයා පාරට බහින්න නොහැකිව සිටි රාජපක්ෂ නඩයේ කණ්ඩායම්වලට නැවත තම තමන්ගේ ගම් බිම්වල ජනතාව අතරට ගොස් දේශපාලනය කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කර දෙමින් හෙම්බත්ව සිටි පණ ඇද ඇද සිටි එක්සත් ජාතික පක්ෂයට නැවත හුළං ගසා ප්‍රාණ වායුවක් දී ජීවත් කරවන්න දරන බාල උත්සාහයක යෙදෙමින් දේශපාලන අරමුණ වෙනුවෙන් ඒවා කළමනාකරණය කර ගන්න කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

“මේ රටේ ජනතාවට දේශපාලනයත් තිත්ත වුණා. දේශපාලඥයින් විසින් ඇති කරනු ලැබූ ආර්ථික අර්බුදය නිසා මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ගේ නැති වෙලා ගිය ඒ ජන ජීවිතය ආහාර, සෞඛ්‍ය ,අධ්‍යාපනය හා වෙනත් අවශ්‍යතාවන් අහිමි වෙලා ගිය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් නැවත 50% කින් 75කින් වත් යථාවත් කරලා සුවපහසුව කෙසේ වෙතත් දරිද්‍රතාව හා සුවපහසුව පීඩනය නැති යම්කිසි ආකාරයකට නාහේ උඩ තියාගෙන හරි කමක් නෑ හුස්ම ගන්න ආර්ථික වැඩසටහනක් තමයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ.

එහෙම ජනතාවට ආර් ථිකය තුළ යම් ආකාරයකට නාසය උඩ තියාගෙන හුස්ම ටිකක් ගන්න ජනතාව ඉල්ලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ කරනවා පණ ඇදිලා හුස්ම ගිය මල මිනී බවට පත් වෙච්ච දේශපාලනඥයින්ට අවශ්‍ය වෙන හුස්ම ටික දීලා ඒ හුස්ම තුළින් ජරාජීර් ණ වෙච්ච පරවෙච්ච දේශපාලනඥයින් ආයෙත් උඩට අරගෙන ජීවත් කරවන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *