තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබා දී ඇතැයි රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
මේ සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඩයනා ගමගේ කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බව ද සඳහන් කළාය.
‘මම කිසි දිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ. මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවේ?
මෙය බරපතල වරදක්. මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ.”