නිල වාහන අලුත්වැඩියා වියදමින් 50%ක් ඇමැති දැරිය යුතුයි…!

June 6, 2023 at 4:01 pm | by emanisa.lk

මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින් පාවිච්චි කරන වාහනවල යම් අලුත්වැඩියාවක් කළ යුතු නම් ඉන් 50%ක කොටසක් අදාළ වාහනය භාවිත කරන දේශපාලනඥයා හෝ රාජ්‍ය නිලධාරියා ගෙවිය යුතු බව රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

රජය එම වාහන වසරකට දෙවරක් සර්විස් කර දීම සහ අලුත්වැඩියාවක දී 50%ක මුදලක් පමණක් දැරිය යුතු බවයි, රාජ්‍ය ඇමැතිනිය පෙන්වා දෙන්නේ.

රජයේ වාහන 82 194ක් ඇති අතර ඉන් 5533ක් අබලන්ව පැත්තකට දමා බවත් තවත් 76 664ක් දේශපාලනඥයින් සහ රාජ්‍ය සේවකයින් පාවිච්චි කරන බවත් ඩයනා ගමගේ පෙන්වා දෙයි.

මෙම වාහන කිසිදු විනිවිදභාවයක් නොමැතිව රජයේ මුදල් යොදවා අලුත්වැඩියා කර මුදල් වංචා කරන බවත් එය වසරකට බිලියන 7.6කට අධික බවයි, ඇමැතිවරිය ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *