උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ඉවත් කිරීමට එහි සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කර තිබේ.
එම කාරක සභාවේ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි අදහස් දැක්වීමේ දී ඊට බාධා කිරීම නිසා මෙලෙස රාජ්‍ය ඇමැතිවරිය සභාවෙන් ඉවත් කොට තිබේ.
කෙසේ වුව ද ඩයනා ගමගේ පවසන්නේ තමා එම සභාවෙන් ස්වකැමැත්තෙන් ඉවත් වූ බවත් ප්‍රමාද වී පැමිණි චන්දිම වීරක්කොඩිට පළමුව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ගැටුමට මුල් වූ බවත්ය.