ජනාධිපති අවු. 02ක් වැඩිපුර ඉන්න හැදුවොත් ජනතාව එක්ක පාරට බහිනවා..! – තිස්ස

January 22, 2022 at 4:28 pm | by emanisa.lk

ජන මතයක් නොමැතිව බලයේ සිටීමට උත්සහ කළහොත් ජනතාව වෙනුවෙන් පාරට බහින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ජනාධිපතිතුමාගේ ධූර කාලය වසර 2 කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මම දන්නේ නැහැ මේ යෝජනාව කරන්නේ කාගේ වුවමනාවට ද කියලා. හැබැයි ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් ඉඟි පළ කළා. එතුමට අවුරුදු දෙකක් වැඩ කරන්න බැරි වුණාලු. දැන් වැඩ කරන්න අලුතෙන් පටන් ගන්නවලු.

1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බලය දුන්නෙ අවුරුදු පහයි. එතුමිය1977 වන තුරු ජනවරමක් නැතුව බලයේ ඉන්න ගිහින් සිද්ධ වුණේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ පහළට ම වැටුණ එකයි. ඒක දන්නව නම් කවුරුත් ඔහොම කතා කියන්නේ නැහැ.

හැබැයි ජන මතයක් නැතිව මේ රටේ කාටවත් ආණ්ඩු කරන්න ජනතාව ජනවරමක් දීල නෑ. ඒකට එරෙහිව ක්‍රියාකරන්න සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය සූදානම්. ජනතාව කියන්නේ ඔවුන්ට ආණ්ඩු කරන්න කියලා නෙවෙයි, ජනතාවට සහන දෙන්න කියලා . එහෙම නොවුණොත් ඒකට විරුද්ධත්වය පල කරල පාරට බහින්න අපි සූදානම්.

මේක හරියට නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්වා වගේ. මහජන වරමක් දුන්න ම ඒ නිශ්චිත කාලයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව, නිදහසට කරුණු කියලා වැඩක් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *