ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත්‍රයා සේවය කළේ මිහින් ලංකා ගුවන් සමාගමේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
පසුව එම සමාගමේ ඇති වූ ගැටළු මත පසුව මහින්ද රාජපක්ෂ සමග ඩීල් එකක් දමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක් වූ බවත් හෙතමෙ පවසයි.
අද වන විට අනුර දිසානායකගේ එම පුත්‍රයා සිටින්නේ විදේශගතව බවත් හෙතෙම සඳහන් කළේය. ඒ ආකාරයට තම පුත්‍රයා විදේශගත කර මෙරට සිටින අනෙකුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මෙම දේශපාලන ව්‍යාපාර කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ දී පැවැති ජන හමුවක් අමතමිනි.