මහින්ද ජයසිංහගේ ගුරු ජීවිතේට වසර 32යි..! වසර 23ක් ම පාසල් නොයා පඩි පිට මහ පාරේ..!

March 23, 2023 at 2:02 pm | by emanisa.lk

තමන්ගේ ගුරු ජීවිතයට මේ වන විට වසර 32ක් වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

තමා අවසන් වතාවට පාසලක ඉගැන්වීම් කටයුතු කළේ 2000 වසරේ දී බව ද හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව අවුරුදු 32ක ගුරු ජීවිතය තුළ මහින්ද ජයසිංහ පාසලක උගන්වා ඇත්තේ වසර 09ක පමණ කාලයක් වන අතර ඉතිරි වසර 23 ම වැටුප් සහ සියලු දීමනා ලබමින් කටයුතු කර ඇත්තේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ය.

කෙසේ වුව ද මහින් ජයසිංහ පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති නායකයින්ට ආයතන සංග්‍රහය මගින් එම අයිතිය ලබා දී ඇති බවය. රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *