තීරුබදු රහිතව වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබාගත් අයගේ සහ ආයෝජන මණ්ඩලය යටතේ බදු සහන හෝ බදු විරාම ලබාගෙන ඇති ආයතනවල නාම ලේඛන ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේ ම රජයේ මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාතු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීරණ ණය පහසුකම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සිදුකරන අතරතුර ය.