තමන්ට අමාත්‍ය ධූරයක් ලැබිය යුතු වුවත් අමාත්‍ය ධුරයක් නොලැබීමෙන් තමන්ට ලොකු අසාධාරණයක් සිදුව ඇති බවත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස තෙවරක් පාර්ලිමේන්තුවට පැමිණි තමන් ජ්‍යෙෂ්ඨයෙක් බවත් රටට වැඩ කර ඇති පුද්ගලයෙක් බවත් හෙතෙම අවධාරණය කළේය.
ළඟ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති බවට ආරංචි ඇති බවත් එය සිදු කළ යුතු එකක් බවත් හෙතෙම කියා සිටියේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.