අලුත් ඇමැති මණ්ඩලය හිසේ රදේට කොට්ටේ මාරු කළා වගේ…! ජනපති ඉවත් නොවී කුමක් කළත් වැඩක් නෑ..! – තිස්ස අත්තනායක…

April 19, 2022 at 8:54 am | by emanisa.lk

අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හිසේ අමාරුවට කොට්ටය මාරු කළා වැනි ක්‍රියාවක් බව සමඟ ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

රටේ ජනතාවගේ ඉල්ලීම වී තිබෙන්නේ හුදු ඔලුගෙඩි මාරුවක් නොවන බවත්, ජනාධිපතිවරයා එලෙසම සිටිය දී සෙසු පුද්ගලයන් මාරු කිරීමෙන් පලක් නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රටේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමට ඇහුම්කන් නොදී සාර්ථක වෙනසක් ළඟා කරගැනීමට නොහැකි බව පෙන්වා දුන් හෙතෙම මේ සඳහා මූලිකවම 20 වැනි සංශෝධනය ඉවත් කර 19 වැනි සංශෝධනය ගෙන ආ යුතු බවත් වැඩි දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා විගණනයකට ලක් කිරීමට සමඟි ජන බලවේගය පූර්ණ සහයෝගය දෙන බවද ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *