වර්තමානයේ රට තුළ වැඩකළ හැකි දේශපාලනඥයින් අල්ප බවත් තරුණ ජවය සහිත දේශපාලනඥයින් රටට උවමනා බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
“ශ්රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂලාට මම භාරදීලා ගෙරදර ගිය කාලේ ඉඳන්ම පක්ෂය කෑවා. ඊළඟට සිරිසේනට භාරදුන්නා ගෙනල්ලා. මදැයි කෙරුවා. ඔයගොල්ලෝ මට ගහන්නේ නැති එක පුදුමයි. ඇයි මොකෙක්වත් නැති හින්දා අරූව පන්නන්න මූ ගෙනාවා. මූ ඊට වැඩිය අන්තයි.
තනතුරු හම්බුණාම මෙහෙම පිස්සු වැටෙයි කියලා කොහොමද දන්නේ. ඒ මිනිහා රටත් කෑවා පක්ෂෙත් කෑවා. අපි ඔක්කොම කෑවා. ඊට පස්සේ අපි කිව්වා කියලා රාජපක්ෂලා එකක් තව දුරටත් යන්න එපා අපි මේ ශ්රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉඳලා ගොඩනගලා ගමු ආයමත් එහෙම කිව්වා කියලා මාව පැන්නුවා පක්ෂයෙන්.
ඊට පස්සේ 40 ගාණක් පැන්නුවා. තව කොටසක් මූ එක්ක ඉන්න බෑ කියලා අස්වෙලා ගියා. මට නම් මිත්රිවරුනි, සියල්ලට වඩා ප්රධාන වෙන්නේ රට. නමුත් රට ඉදිරියට යන්න මගේ පක්ෂය බාධාවක් නම් මට පක්ෂයත් අමතක කරන්න වෙනවා. පක්ෂය හිටපුවාවෙයි කියලා අපිට පුළුවන් එකක් එක්ක වැඩේ කරනවා.”
අත්තනගල්ල ප්රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය එම අදහස් පළ කළාය.