ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගඳ ගහන දේශපාලන පිටිය සුද්ද කර එය ගරු කටයුතු වෘත්තියක් බවට පත් කරන බව එහි නායක අනුර දිසානායක පවසයි.
මන්ත්‍රීවරුන් ලබන සියලු වරප්‍රසාද අහෝසි කොට ඔවුන් සාමාන්‍ය රාජ්‍ය සේවකයින් මට්ටමට ගෙන එන බව ද ඔහු සඳහන් කළේය.
මහජන මුදලින් විශ්‍රාමික ජනාධිපතිවරුන් බලා ගැනීම ඇමැතිවරුන්ට වාහන හත අටක් ලබා දීම නවතා දමන බවත් අනුර දිසානායක අවධාරණය කළේය.
මේ රට ගොඩනැඟීමේ එකම අරමුණින් වසර 4-5ක් සියලු දෙනා සමග පොර බදමු යැයි ද ජාජබ නායකයා කීය.
ජාතික ජන බලවේගයේ බදුල්ල ජන හමුව අමතමිනි.