ජවිපෙ 13 ගැන සංවාදය මග හරී…! සිංහනාද කළ හරිනිත් සැඟවෙයි..!

February 19, 2023 at 12:20 pm | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට සහභාගී වීම ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබේ.

තුලාව නිෂ්පාදන කණ්ඩායම එම පක්ෂයේ ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත.13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩිව සටන් කළ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ද අදාළ සාකච්ඡාව සඳහා ඉදිරිපත් වී නැත.

13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව හරිනි අමරසූරිය ප්‍රකාශ කළ ද ජවිපෙ නායකයින් 13 පිළිබඳ සංවාදය උගුලක් බව ප්‍රකාශ කරමින් ඒ පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *