ශිෂ්‍ය භික්ෂූන්ට තනියම බෞද්ධ පාලියට තනියම එන්න බෑ…! නායක හාමුදුරුවන් කැටුව පැමිණීම අනිවාර්යයි..! – කුලපති හිමි…

February 19, 2023 at 10:22 am | by emanisa.lk

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසති.

පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ අතර මේ මස 27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර තිබේ.

ඒ අනුව පළමු වසර සිසුන් පමණක් පළමුවෙන් විශ්වවිද්‍යාලයට අතුළත් කර ගනු ලබන අතර පවතින තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය තාවකාලිකව විසුරුවා හැර ඇති බව ද උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි වැඩි දුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *