නගර සභා ප්‍රාදේශීය සභා විශේෂ කොමසාරිස්වරුන් යටතට…!

February 18, 2023 at 8:10 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් එදින සිට පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර ඒ සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේ වුව ද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට ද පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *