සල්ලි දෙන කල් ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න බෑ..! – රජයේ මුද්‍රණාලයාධිපති…

February 13, 2023 at 10:10 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවන තෙක් එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රනාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන හාරසිය හැට එකක් පමණ වන බවය.

හෙට පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංජිහේවා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *