ජනක රත්නායකට එරෙහිව චෝදනා 14ක්…! තමන්ගේ සමාගමකට විදුලිය අරන් විකුණලා..! ලංවිමට ලක්ෂ 14ක පොල්ලකුත් තියලා..!

February 4, 2023 at 9:04 am | by emanisa.lk

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහිව කරුණු දහහතරකින් යුක්ත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සූදානම් වෙයි.

එම චෝදනා පත්‍රය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පසුගිය ඊයේ(03) යොමු කර තිබුණි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව චෝදනා පත්‍රය නීතියට අනුව සකස් කර ලබාදීමෙන් පසු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර එය ලබන අටවැනිදායින් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අයත් යැයි සැලකෙන ආයතනයක් මගින් විදුලිය තොග වශයෙන් ලබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමේ බලපත්‍රයක් ලබා ගැනිම ඇතුළු චෝදනා දාහතරක් ඊට ඇතුළත් කර තිබේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අයත් යැයි සැලකෙන ​හෝටල් පරිශ්‍රයක රු. 14,76,651ක විදුලි බිල්පත් නොගෙවීමද තවත් චෝදනාවකි.

සභාපතිවරයා මෙම මුදලද නොගෙවමින් එම මුදල අඩුකර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහද එම තනතුරුවලින් පසුගිය සිකුරාදා (03) ඉල්ලා අස් වූහ. ජනක රත්නායකගේ ක්‍රියාකලාපය ඔහුගේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *