ටර්බයින් අතින් කරකවන්න බෑ..! ඩීසල් නැත්නම් විදුලිය කපනව හැර විකල්ප නෑ..! සභාපති ජනක විහිළුකාරයෙක්..! – විදුලි ඉංජිනේරු සංගමය…

February 5, 2022 at 5:51 pm | by emanisa.lk

ඉල්ලුමට සරිලන විදුලි ජනනයක් නොමැති බැවින් විදුලිය කපා හැරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඉන්ධන නොමැතිව බලාගාර නතර වූ විට එම ජනන යන්ත්‍රය අතින් කැරකැවිය නොහැකි බව ද එම සංගමය කියා සිටී.

විදුලි ජනනය සීමා වූ විට මහජන උපයෝගිතා කොමිසන් අවසර දුන්නොත් නොදුන්නත් අනිවාර්යෙන්ම විදුලිය කපා හැරීම හැර වෙනත් විකල්පයක් නැති බව ද සංගමය අවධාරණය කරයි.

විදුලිය කප්පාදුව ගැන නීතිමය ‍ක‍්‍රියාමාර්ග ගන්නා බවට මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක කළ ප්‍රකාශ විහිළු සහගත බව ද තව දුරටත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *