13ට ජනපති ගෙවිඳු මුහුණට මුහුණ ගැටේ…!

January 28, 2023 at 9:14 am | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අතර පසුගියදා උණුසුම් සංවාදයක් ඇති විය.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳ වූ සර්වපාක්ෂික සමුළුවේ දීය.

රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලද 69 ලක්ෂයේ ජනවරමෙහි ඉතිරි කාලය සම්පූර්ණ කරන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බව ප්‍රකාශ කළ ගෙවිඳු කුමාරතුංග, 13 ඇතුළු 78 ව්‍යවස්ථාව වෙනුවට ඒකීයත්වය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා ලද එම ජනවරම යටතේ 13 බලාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බලයක් නැතැයි අවධාරණය කළේය.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ තමන් විධායක බවත් නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුවට ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස