හොරු ඇල්ලීම පරණ සුරංගනා කතාවක්…! – දිලිත්…

January 24, 2023 at 1:52 pm | by emanisa.lk

හොරු ඇල්ලීම යනු ඉතා ම ගතානුගතික දේශපාලන ආඛ්‍යානයක් බව දෙරණ සභාපති දිලිත් ජයවීර පවසයි.

කාල් මාක්ස් තබා ලෙනින්, එංගල්ස් හෝ ට්‍රොස්කිගේ පොත්වල පවා හොරු ඇල්ලීමේ පරිච්ඡේදයක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මාස තුනෙන් හොරකම නතර කළ හැකි යැයි ද ඒ සඳහා වැඩපිළිවෙළක් ඇතැයි ද තමන්ට කිව හැකි වුව ද එය කළ හැක්කක් නොවන බවයි, දිලිත් ජයවීර අවධාරණය කළේ.

ඊර්ෂ්‍යාව වෛරය මෙන් ම හොරකම ද මානව සමාජය ආරම්භයේ සිට පැවැති බවත් එය පන්සිල් පද පහෙන් එකක් බවට පත්වන්නේ එහෙයින් බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා පිටකොට්ටේ පැවැති අරමුණ වැඩසටහනට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *