හොරු අල්ලන්න ආව යහපාලනේ හොරුන්ට ලයිස්න් දුන්නා…! දැන් හොරු උඩ පැන පැන හොරකම් කරනවා…! – රංජිත් මද්දුමබණ්ඩාර…

February 7, 2022 at 4:48 pm | by emanisa.lk

එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ඒ, අද (07) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ය.

තමන් සිටින තෙක් රාජපක්ෂලාට නඩු දැමීමට ඉඩ නොදෙන බව පැවසූ ඇමැතිවරයෙක් එදා යහපාලන ආණ්ඩුවේ සිටි බවත් වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වූ ඔහු දැන් දැන් ආණ්ඩුවත් සමඟ අමනාප වී පැත්තකට වී සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

එවැනි හැසිරීමක් යහපාලන ආණ්ඩුවේ ඇතැමුන් තුළ තිබුණ හෙයින් එදා හොරු ඇල්ලීම නිසි ලෙස කිරීමට නොහැකි වූ ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *