බස් අනතුරට වගකියන්න ඕන විදුහල්පති…! – බස් ගැමුණු…

January 22, 2023 at 8:56 am | by emanisa.lk

නානුඔය දී පාසල් ළමුන් සමග අනතුරට පත් බස් රථය පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථයක් නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ, එය විශේෂ චාරිකා සඳහා ම යොදා ගන්නා බස් රථයක් බවයි.

එම රියදුරා ඉතා ම අපරික්ෂාකරී ලෙස බස් රථය ධාවනය කරවීම නිසා අදාළ අනතුර සිදුව ඇතැයි ද හෙතෙම පවසයි.

තම සංගමයේ බස් රථ පාසල් චාරිකා සඳහා ලබා දෙන්නේ බසයේ තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව බව සඳහන් කළ ගැමුණු විජේරත්න, වගකීම් විරහිත ලෙස බස් රථයක් ලබා ගැනීම ඔස්සේ අදාළ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් වරදක් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *