අන්තරේ උද්ඝෝෂණයෙන් පාර්ලිමේන්තු පිවිසුම උණුසුම්….! පොලිස් නිලධාරියෙකු තුවාල ලබයි…!

August 3, 2021 at 5:58 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද (3) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇති වූ සිද්ධියකින් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත තුවාල ලබා තිබේ.

උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිසියේ මාර්ග බාධකයක් ඔසවා පසෙකට විසි කිරීමට උත්සාහ දරා ඇති බවත් එම ක්‍රියාව වැලැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟිලි තුනකට හානි සිදුවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වෛද්‍ය සේවා මධ්‍යස්ථානයට රැගෙනවිත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමට පියවර ගත් බව එම මධ්‍යස්ථානය පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ ශිෂ්‍යයන් මෙම උද්ඝෝෂණය කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බලකරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *