මහජන උපයෝගීතා කොමිසම බෙදේ..! විදුලිය වැඩි කරන්න බහුතරයේ අනුමැතිය..!

January 20, 2023 at 7:15 pm | by emanisa.lk

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම් දී ඇත.

එම සාමාජිකයින් තිදෙනාගේ තීරණයට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

පාර්ලිමේන්තු ජාතික සභාව මහජන උපයෝගිතා කොමිසමේ සියලු ම සාමාජිකයන් කැඳවා කළ පෙරේදා කළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ යෝජනවා ක්‍රියාත්මක නොකිරීමට කොමිසම ගත් තීරණය එම සාමාජිකයන් දැනුම්වත් වීමකින් තොරව එළඹියේ යැයි පැවසීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව කී සභාපතිවරයා, ජාතික සභාවේ රැස්වීමට පැය දෙකකට පමණ පෙර එම සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා හමුවී තිබූ බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවට සභාපතිවරයා වන තමන්ට කිසිදු ආරාධනාවක් නොතිබුණු බව කී හෙතෙම ජාතික සභාවේදී බලලා මල්ලෙන් එළියට පැන්න බව ද කීය.

කෙල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ අදහස් දැක්වීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *