අර්බුදයට සියලු කැප කිරීම් ජනතාවගෙන් විතරයි…! පාර්ලිමේන්තු කෑම බිල කෝටි 09 ආසන්නයේ…! ජල විදුලි බිල කෝටි හතහමාරයි…!

March 18, 2022 at 2:45 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම් තව දුරටත් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා 2020 වසරේ දී දරා ඇති මුදල රුපියල් අට කෝටි හැත්තෑ අට ලක්ෂ විසි අට දහස් අසූ දෙකකි.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ විදුලිය සහ ජල බිල ද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් 2020 වසරේ දී වැය වී ඇති මුළු වියදම රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන් සිය විසි තුනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස