තවත් බෞද්ධ පුදබිමක් සුරැකේ..! මුහුදු මහා විහාරය පූජා භූමියක් වෙයි…!

January 12, 2023 at 11:37 am | by emanisa.lk

පූජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම්කර ඇතැයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙම වසරේ දී එම කටයුතු අවසන් කිරීමට නියමිතය.

තිස්ස රජමහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, බියගම සුධර්මාරාම මහා විහාරය, පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන, රත්මලාන පුෂ්පාරාමය, අස්ගිරිය පුරාණ රජ මහා විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය, සෝමාවතිය රජමහා විහාරය, බිබිල ඓතිහාසික කොටසර පියංගල රජමහා විහාරය ඇතුළු පූජා භූමි 26ක් මෙලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

1961 ඔක්තෝබර් 16 දින කතරගම පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පසුගිය මාසයේ 23 වැනිදා මෙරට 101 වැනි පූජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙණි. මේ අනුව 2023 වසර අවසන් වන විට ලංකාවේ පූජා භූමි ගණන 127 දක්වා ඉහළ යනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *