සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන් ම අරගලකරුවෙකු වන සේපාල අමරසිංහට සිරකරුවන් පිරිසක් විසින් බන්ධනාගාරය තුළ දී පහර දී ඇතැයි වාර්තා වෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනාව යටතේ පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් අතර අනතුරුව එළඹෙන 10 වෙනිදා දක්වා බන්ධනාගාරගත කෙරිණි.
සේපාල අමරසිංහ දළදා වහන්සේට අපහාස කිරීම නිසා කෝපයට පත් සිරකරුවන් මෙම පහර දීම කළ බවයි, වාර්තා වන්නේ.
ඔහු දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ රඳවා සිටින අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම අදාළ පහර දීම පිළිබඳ විමර්ශන දෙකක් ආරම්භ කර තිබේ.