දළදාවට ලබ්බ යැයි කී සේපාල අමරසිංහ අත්අඩංගුවට…!

January 6, 2023 at 9:23 am | by emanisa.lk

මහනුවර දළදා ශ්‍රි මාළිගාවට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙල්ලන්විල මයුර මාවත ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.

සැකකරු ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *