රටේ අනිකුත් සියලු නායකයින්ට වඩා විදෙස් දානපතියන් තමා විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තමා කතා කරන ඉංගිරිසි ඇතැමුන්ට නොවැටහෙන බව ප්‍රකාශ කරන බවත් තමා භාවිත කරන්නේ විදෙස් ජාතිකයින්ට මැනවින් වැටහෙන ඉංගිරිසි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
එහෙයින් විදෙස් ආධාර ලබා ගැනීම සඳහා සුදුසු ම පුද්ගලයා කවුද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි, සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.
බොහෝ දෙනෙකු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එම හැකියාව ඇතැයි විශ්වාස කළ ද මේ වන විට ඔහුට එවැනි හැකියාවක් නොමැති බව තහවුරු වී ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් කීය.
නුගේගොඩ මහාමායා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එකතු වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේය.