රනිල් මහින්ද සජිත් තුන් කට්ටුව එකට තබා පරාජය කරනවා…!

January 3, 2023 at 6:27 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය වටා රොද බඳින ජනතාව කැරැල්ලක් සුනාමියක් වී වර්තමාන පාලකයින් අතුගා දමන යුගය වැඩි ඈතක නොවන බව එම පක්ෂයේ වසන්ත සමරසිංහ පවසයි.

අනුර දිසානායක විසින් රනිල් මහින්ද සජිත් 2023 වසරේ දී එකට තබා පරාජය කරනු ඇති බවයි, ඔහු අවධාරණය කළේ.

සජිත් ප්‍රේමදාස සංවිධානය කළ සජබ ආසන බල මණ්ඩල සමුළුවට 350ක් නොපැමිණි බවත් සිය ආසන බල මණ්ඩල සමුළුවට 7000කට අධික පිරිසක් එකතු වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

තම පාසල වන තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ගොස් තමා සහ අනුර දිසානායක සිහිපත් කළ සජිත් ප්‍රේමදාසගේ පියා, එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ඔහුගේ සහෝදරයා ඝාතනය කළ බවට ද වසන්ත සමරසිංහ චෝදනා කළේය.

ජාතික ජන බලවේග තඹුත්තේගම ආසන බල මණ්ඩල සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *