ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද වීමට හේතුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුමත් නිසා බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග විරසක වීම බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසයි.
එම ගිවිසුම නිසා ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, අමෙරිකාව, බුරුමය, යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.
හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017 වර්ෂයේ දී තමාව අමාත්‍ය ධූරයෙන් පවා නෙරපා හැරිය බව ද ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයක දී ජපානය සමග ඇති කර ගත් ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි සැහැල්ලු දුම්රිය ගිවිසුමක් කිසිදු අධ්‍යයනයකින් තොරව අවලංගු කළ බව ද මේ ආකාරයට ශ්‍රී ලංකාව රටවල් රැසක් අමනාප කරගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණත් මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් කිරීමට නොහැකි නමුත් ලෝකයේ වෙනත් රටවලට අප රට පිළිබඳව විශ්වාසයක් ඇතිකර ගැනීමට මෙන් ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම, වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමට හැකිවීම වැනි වාසිදායක තත්ත්වයන් ඒ හරහා සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
කෙසේ වුව ද ඉදිරි මාස දෙකක කාලය ඇතුළත දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා වැඩිදුරට ත් පැවසීය.