හර්තාලයට අපේ ෆුල් සපෝර්ට් එක දෙනවා..! – රංජන් ජයලාල්…

January 2, 2023 at 10:40 am | by emanisa.lk

විදුලි බිල හා විදුලි කප්පාදුව නිසා මේ වසරේ අනිවාර්යයෙන් රට පුරා හර්තාල් ඇරඹෙන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

එවැනි ක්‍රියාමාර්ග ආරම්භ වුවහොත් ඊට සහය පළ කරන්නට වෘත්තීය සමිති ලෙස සූදානම් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

පවතින තත්ත්වය සමග විදුලි බිල ඉහළ දැමුවහොත් අනිවාර්යයෙන් ම ජනතාවගේ කැලඹීම මතුවන බවත් ඒ හරහා ඔවුන් ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය බවත් රංජන් ජයලාල් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *