විදුලි බිල වැඩි කළොත් ඇමැතිට විරුද්ධව උසාවි යනවා..! – ජනක රත්නායක…

December 30, 2022 at 7:37 pm | by emanisa.lk

මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය නොමැතිව විදුලි බිල ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය තීරණය කරන්නේ නම් එම තීරණයට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නීතිමය පියවර ගන්නා බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට නම් ලබන වසරේ මුල සිට විදුලි බිල 70%කින් පමණ ඉහළ දැමිය යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර දැඩිව අවධාරණය කරයි.

අවසන් වරට මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල ඉහළ දැමීමට අවසර ලබා දීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලය ලාභ උපයා ඇති බව පවසන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා, විදුලිබිල ඉහළ දැමීම සදහා එම අවස්ථාවේ දී කොමිසම ලබා දුන් නිර්දේශය නිවැරදි බව ඉන් පෙනී යන්නේ යැයි ද පවසයි.

අමාත්‍යවරයා විදුලි බිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන්නේ විදුලි බිල ඉහළ දැමීම සඳහා අත්‍යවශ්‍ය සාධක කිසිවක් වෙනස් වී නැති පසුබිමක බව ද ජනක රත්නායක පවසයි. ඉන්ධන මිල හෝ ගල් අගුරු මිල ඉහළ යෑම හෝ රුපියල අවප්‍රමාණය වීම සිදුව නැති බව ඔහුගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *