රනිල් කියන්නේ පට්ට හොරෙක්…! ඩොලර් අර්බුදයට විසඳුම අපේ ආණ්ඩුවක්..! – ලාල්කාන්ත…

December 24, 2022 at 9:28 am | by emanisa.lk

රට පාලනය කරන හොරුන් සිටින තාක් කල් විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව මේ රටට විදස් විනිමය එවන්නේ නැති බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“මෙතෙක් රට කාපු එවුන් පැත්තකින් තියලා හරි හමන් පාලනයක් හදාගන්න ජනතාවට අවස්ථාව දෙන්න. අද වෙනකොට මුළු රටම කඩාගෙන වැටිලා. ලංකාව කියන්නේ හොරකමින්, වංචාවෙන් දූෂණයෙන් පිරුණු පාලනයක් සහිත රටක්. දැන් මේක තමා රටේ බ්‍රෑන්ඩ් එක. ලෝකේ දුප්පත් රටවල් අතර දෙවැනි රට අපේ ලංකාව. බදු ප්‍රතිපත්ති විටින් විට එහාට මෙහාට වෙන දේශපාලනයෙන් අස්ථාවර වෙන රටකට ආයෝජකයන් එන්නේ නැහැ.

රනිල් කියන්නේ පට්ට හොරෙක්. ඇමැතිවරු මාරු කළාට, අලුත් ඇමැතිවරු පත් කළාට මෙතැන මොන සෙල්ලම් දැම්මත් මේ හොර නඩය ඉන්නකන් පිටරට ඉන්න ශ්‍රමිකයන් අපේ රටට සල්ලි එවන්නේ නැහැ.

ලෝකෙ රටවල් හැදුවෙත් දේශපාලනයෙන්. රටවල් නැති කළෙත් දේශපාලනයෙන්. රට හදන්න පුළුවන් වෙන්නෙත් දේශපාලනයෙන්. යහපත් රටක් ගොඩනඟාගැනීම සඳහා වන දේශාපලනය සම්පූර්ණ කිරීමේ වගකීමක් අපි හැමෝටම තියෙනවා. අපි මේ රට අලුත් කරන්න ඕන. වෙනස් කරන්න ඕන. අලුත් පාලනයක් හදන්න ඕන. හිටපු නායකයන් රටක් හදලා නැහැ. මේ රට විනාශ කරලා. අලුත් රටක් හදන්න ජනතාව සූදානම් කිරීම අපේ වගකීමක්.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවට පස්සේ රට ගොඩනැඟීම සඳහා ජනතාවගේ දායකත්වය ගන්න ඕන. මන්ත්‍රිවරු, ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ටිකකට රටක් හදන්න බැහැ. රටක් ගොඩනඟන්න ජනතාව දායකත්වයක් දෙන්නත් ඕන. මිනිස්සුන්ගේ හැකියාව, දක්ෂතාව රට ගොඩනඟන්න මෙතුවක් අරන් නැහැ.

ජාතික වශයෙන් ගත්තොත් ජාතික ජන බලවේගය දැඩිව බලපෑම් කරමින් තියෙනවා පාර්ලිමේන්තුව විසුරවලා මහජනයාට අවස්ථාවක් දෙන්න හොරකම, වංචාව, දූෂණය, නාස්තිය නැති අලුත් පාලනයක් හදා ගන්න.

ගොවි ජනතාවයි, පඩියක් ලබලා ජීවත් වෙන අය විතරක් නෙවේ සංචාරක ව්‍යාපාර වගේ අන් හැම දෙනෙක්ම, හැම ක්ෂේත්‍රයකම දැවැන්ත කඩා වැටීමක් වෙලා. හැමෝම අර්බුදයකට පත්වෙලා ඉන්නේ. දැන් මුළු රටේම ජනයාගේ වුවමනාවන් වෙනුවෙන් කරන අරගලයක් මේ. ඩොලර් නැති නිසා පොහොර තෙල් ගේන්න බැහැ. තෙල් හරියට එනවා නම් මොකටද QR එකක්.

සමහරු හිතන් ඉන්නවා රනිල් ආවම මොකක් හරි මැජික් එකක් වෙලා කියලා. අපි ලෝකෙන් ගත්ත ණය ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නැති සල්ලි අපි ළඟ තියෙනවා. ඒකෙන් තමා මේ රනිල් මැජික් පෙන්වන්නේ. රනිල් වික්‍රමසිංහගේ පාලනයක් ආවා කියලා එක ඩොලර් එකක් වැඩිපුර ලංකාවට ගෙනල්ලා නැහැ. හැබැයි සමහර කට්ටිය කියන්නේ රනිල් මොනවා හරි කරයි වගේ කියලා නේද. රනිල් මොනව හරි කරනවා නම් ඇයි බදු වැඩි වෙන්නේ. මිනිස්සු රට දාලා යන්නේ.

ජාතික ජන බලවේගයට පුළුවන්ද මේ ඩොලර් නැති ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න කියලා සමහර හාදයෝ අහනවා. ඔව්, අපිට පුළුවන්. දැන් ජනතාව වෙනස් වෙලා ඉන්නේ. අපි කියන්නේ ඡන්දයක් තියන්න ජනතාවට අවස්ථාවක් දෙන්න හොරකම් වංචාව නැති පාලනයක් හදන්න එතකොට ඔය ඩොලර් එනවා.

දැන් පාරට බැස්සම ගහනවා. විශාල වශයෙන් ජනතාව පාරට බැහැලා තොපි පලයව්, ඡන්දයක් තියපියව් කියලා කියන්න ඕනෑ. ඇයි ඡන්දෙ තියන්නේ නැත්තේ. ඒ හොරු මිනීමරුවෝ රැකගන්න. ඒ නිසා මෙයාල බලනවා දිනන්න පුළුවන් තැකට ගෙනල්ලා ඡන්දෙ තියන්න. ඒකට තමා ඔය කළුතරින් නැඟිටින්න බැලුවේ. නැවත ජනතාව තුළ තමන්ව ප්‍රතික්ෂේප වෙච්ච එක වෙනස් කරගෙන කොහොම හරි තමන් නැවත නැඟිටින්න ඕන කියන එකට දැන් ට්‍රයි එකක් දෙනවා.

ජාතික ජන බලවේගයට වට කරලා ගහනවා. පට්ට හොරු ටික එකතු වෙලා දැන්. විපක්‍ෂයම ජාතික ජන බලවේගය අභියෝගයක් විදිහට සලකනවා. මේ ඡන්දය ගන්න අපිට බරපතළ මැදිහත් වීමක් කරන්න වෙනවා. ලොකු මතවාදයක් හදන්න ඕන මේක වෙනස් කරන්න එදාට පුළුවන් කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *