රාජපක්ෂවාදීන් ගෝල්ෆේස් ආවොත් ඉලපොත්වලින් ගහලා එළවන්නේ..! – අරගල කාන්තාවෝ…

December 6, 2022 at 9:01 am | by emanisa.lk

රාජපක්ෂවාදීන් 18 වෙනිදා ගාලු මුවදොරට පැමිණිය යුත්තේ බේරේ වැව මතක් කරගෙන බවට අරගල කාන්තාවෝ අනතුරු අඟවති.

රට විනාශ කළ රාජපක්ෂලාට නැවත මේ රටේ අරගලවලට ඉඩ නොතබන බවයි, මාධ්‍ය හමුවක් තබමින් ඔවුන් අවධාරණය කළේ.

රාජපක්ෂවාදීන් කිසිවෙකුට ගාලු මුවදොරට පැමිණීමට ඉඩ නොතබන බවත් එසේ එන්නේ නම් ගෑණුන්ගෙන් ඉලපත් පහර කෑමට සූදානමින් පැමිණිය යුතු බවත් ඔවුහු සඳහන් කරති.

මහල් නිවාසවල සිටින අහිංසක තාත්තලා ලයිට් බිල් වතුර බිල් ගෙවා ගත නොහැකි නිසා කුඩු අයිස් බීමට ඇබ්බැහි වී ඇතැයි ද දරුවන් මහල් නිවාසවලින් පහළට විසි කරමින් ඇතැයි ද අරගල කාන්තාවෝ වැඩි දුරටත් පවසති.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *