මම බොහොම අරපිරිමැස්මෙන් වැඩ කළේ..! ව්‍යාපෘතිවල වියදමත් මගේ නමට දාලා…! – මෛත්‍රී…

December 5, 2022 at 1:00 pm | by emanisa.lk

තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

සතියක් තිස්සේ මාධ්‍ය ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා.

මම ජනාධිපති ලෙස කටයුතු කරද්දී ජාතික මට්ටමේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘති රටේ ජනප්‍රිය වුණා.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන,ජාතික පරිසර වැඩසටහන, ජාතික වකුගඩු රෝග මර්දන මර්දන ව්‍යාපාරය, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, අපචාරවලට ලක්වන දරුවන් බේරා ගැනීම සඳහා ළමයින් රකිමු වැඩසටහන, කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහන, ග්‍රාම ශක්ති වැඩසටහන ආදියට අප වැඩිපුර නිලධාරීන් යෙදෙව්වා.

රජයේ වෙනත් ආයතන වලින් නිලධාරීන් ලබා ගෙන ජාතික වැඩසටහන්වලට බඳවා ගත්තා.වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ද මේ වැඩසටහනට ලබා ගත්තා. මේ ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් සමඟ තමයි මේ ගාණ හදලා පෙන්වන්නේ. මට මේකට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. මේ වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *