ශ්‍රී ලංකාවේ විදෙස් ණය සඳහා වසර 10ක සහන කාලයක් ලබාදීම සඳහා පැරිස් සමාජය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසන්නේ, ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ණය සඳහා වසර 10ක සහන කාලයක් ලබාදිය යුතු බවට පැරිස් සමාජය යෝජනා කර ඇති බවය.
එමෙන්ම ඉන්පසුව ශ්‍රී ලංකාව සඳහා වසර 15ක කාල සීමාවක ණය ප්‍රතිව්‍යූහගතකරණයක් ද පැරිස් සමාජය විසින් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන් වන චීනයට සහ ඉන්දියාවට මෙම යෝජනාව පැරිස් සමාජය විසින් ඉදිරිපත් කර නොමැති බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි.