විරෝධතා මර්දනයට පොලිසියට නව බලතල…! ජනතාව පීඩාවට පත් කරන්න කිසිවෙකුට ඉඩ නෑ…! – බ්‍රිතාන්‍ය අගමැති…

December 3, 2022 at 10:45 am | by emanisa.lk

නීති විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය රජය එරට පොලිසියට නව බලතල ලබාදෙමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනක් පවසයි.

බ්‍රිතාන්‍ය පොලිස් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

“ආත්මාර්ථකාමී සුළුතරයක් සාමාන්‍ය මහ ජනතාවගේ ජීවිත කඩාකප්පල් කිරීම කිසිසේත් ම පිළිගත නොහැකියි.මගේ අදහස නම් නීතිය කඩ කරන අය එහි සම්පූර්ණ බලතල තේරුම් ගත යුතුයි. ඒ බලතල ලබාදීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා.

ඔවුන්ට මගේ සම්පූර්ණ සහය ලබා දෙනවා. ඒ වගේ ම මම පොලිසියට කියලා තියෙනවා රජයෙන් අවශ්‍ය ඕනෑ ම සහයක් ඔවුන්ට ලැබෙන බව. අලුත් බලතල අනුව ඔවුන්ට ඒ දේ ලැබේවි.

එම තීරණය සම්බන්ධයෙන් ටිව්ටර් පණිවිඩයක් ද නිකුත් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, “මේ දේවල් නිසා මහ ජනතාව පීඩා වින්දා ඇති.” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *