පන්සල්වලට විදුලි බිල වැඩි වීම දරා ගන්න බෑ…! – හකීම්…

November 25, 2022 at 2:19 pm | by emanisa.lk

විදුලිබිල සංශෝධනය දුප්පත් ආගමික ස්ථානවලට දරාගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේග මන්ත්‍රී, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (25) හෙතෙම මේ බව පැවසීය.

ආගමික ස්ථානවලටත් බලපාන සංශෝධිත විදුලි බිල ගැන මහත් ආන්දෝලනයක් තිබෙන අතර පන්සල් ඇතුළු හැම ආගමික ස්ථානයකට ම මෙය දරා ගන්න බැරි වී තිබෙන බව රවුෆ් හකීම් කීය.

පොහොසත් පල්ලි පන්සල් කෝවිල් තිබෙන නමුත් දුෂ්කර ප්‍රදේශ වල සිද්ධස්ථානවලට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව කී රවුෆ් හකීම් මහතා මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *